මරතෝන්ඩි රටා

මරතෝන්ඩි රටා
Title

Friday, January 23, 2015

...කඩප්පුලි සිතුවිලි......
හන්තානට පායන හඳ
ලස්සනයි ද බලන්න
බෝට්ටුවක් හම්බ උනා
හිතාගෙන ඉන්නේ ලඟදි ම
හබල නැතත් ගොඩ බාන්න

මහවැලියට දැම්ම කිව්ව
ගුලි කරපු මතකයත්
හොයා ගන්න ඕන කොහොමහරි
මහවැලියෙන් එතෙර උනොත්
සංසාරෙනුත් එතෙර වෙය්නෙ..!

1 comment:

  1. සංසාරෙන් එතරවෙන්න
    හන්තානට ගොඩ බහින්න
    හඳත් අරන් මං එනවා
    උඹේ හිසට එළිය දෙන්න
    ඒ එළියෙන් අකුරු අරන්
    කවි ලිය ලිය ගුලිකරන්න
    මහවැලියේ අක්බාරෙන්
    ඒ ගුලි වතුරට දමන්න

    ReplyDelete