.....වැසුණු නෙත් සහ අහසේ තරු..................
ගණඳුර කැටි ගැසුණු
පාලුම රාත්‍රියක
නෙත් අයා බලූයෙමි
හිස් අහස් වියන දෙස
එවිට...............
ලෝකය බිහි වූ දා සිට
පායන තරු ගොන්න
මොනවදෝ පවසමින්
පායා ඇත එලෙසම
එදා සිට මෙතුවක් කල්
මුළු අහස ම සරසන
තාරකා ගොන්නට වැඩියෙන්
ප්‍රේමයේ නාමයෙන්
පියාගත් නෙත් ගණන
වැඩි ඇතැයි මට සිතුනි........
No comments:
Post a Comment