මරතෝන්ඩි රටා

මරතෝන්ඩි රටා
Title

Saturday, January 17, 2015

තිබූ රජය පෙරලී නව රජයක් ස්ථාපිත වීම,,,,,
තිස් වසරක් පවතී අන්තවාදී කුරිරු යුද්ධය නිම වුයේ තිබු රජය යටතේ ය...රාජ්‍ය නායකයින්ගේ හා පුර වැසියන්ගේ කැපවීම මත එය සිදු විය..රණකාමී විරුවන්ගේ මෙහෙය කියා නිම කළ නො හැකිය.....එම රජයේ සේනාධිනායකයානෝ මහින්ද රාජපක්ෂයාණෝ ය..ලොව කිසම රාජ්‍ය නායකයෙකුට නොතිබුන තරමේ විධායක බලයකට ද හිමිකම් කියුවෙකි ඔහු....
නමුදු ලොව පළමු වතාවට විධායක බලය හිමි රාජ්‍ය නායකයෙකු පරාජයට පත් විය.......
මා මේ සඳහන් කරන්නේ ඒ රාජ්‍ය නායකයා ඇතුළු, තිබු රජය පරාජය වීමට බල පෑ ප්‍රධාන හේතු සාධකය ගැනය.

"'ජනශ් ච වාග් සුධා සුතීර්"'
මණි සුතිශ් ච රෝහණන්
නාන්‍යත්‍ර සිංහළ ද්විපාන්
මුක්තා සුතිශ් ච සාගර ක් ...>>බාල රාමායණය
මාලාශ්‍ර ග්‍රන්ථයන්ට අනුව එදා ශ්‍රී ලංකාව එසේ විය.නමුදු අද ඊට හාත්පසින් ම වෙනස් ශ්‍රී ලංකාවකි...හෙළ දිව,,රත්න දීප,සිහළ දීප,,මේ කිසි විරුද නාමයක් අන් රටවල ජනයා නොදනී..ඔවුන් අප රට හැදින ගෙන ඇත්තේ ශ්‍රී ලංකා, සිලෝන්, යන නාමයන් ගෙනි..
එසේම එදා හෙළ දිව සිංහලුන්ගේ තනි වාස භූමියකි..නමුදු අද බහුවාර්ගික රටකි..අපි එයට කැමති වුවත් අකමැති වුවත් එය එසේ ය..ජාත්‍යන්තරය නමැති නිවහනේ එක් කාමරයක් වන අපේ රට, එයට එකඟ නොවී සිටිය නොහැකි ය..ශ්‍රී ලංකාව බහුවාර්ගික රටක් නොවේ යැයි කීමට අපට ඉඩක් නැත..
සිමා රහිත විධායකයෙක්ව සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට ප්‍රධාන හේතුව වුයේ බොදු බල සේනාව නම් සංවිධානය යි..රජය විසින් ම ඇටවූ උගුලට රජය ම හසු විය..බොදු බල සේනාවේ තේමා පාටය වුයේ "ස්වාසමයාභිවෘධිය උදෙසා පටිසෝතගාමිව' යනුවෙනි.තේමාව එසේ වුව ද ?සිංහලයාගෙන් දෙමල ජනයා වෙන් කළේ ය..සිංහලයාගෙන් මුස්ලිම් ජනයා වෙන් කළේ ය.සිංහලයා ගෙන් ක්‍රිස්තියානි ජනයා වෙන් කළේ ය..රජය විසින් ම සුජාත කළ දරුවා රජයේ මළ ගමට ද හේතු විය.
පළමුව ම සිංහල අප දැන ගතයුතු කරුණක් ඇත.එනම් සිංහල බවුද්ධ අප අන් ජනයාට වඩා සංවේදී ජන කොට්ටාශයක් වීමයි..යුද්ධයෙන් බැට කෑ මේ සංවේදී හදවත් යුද්ධයේ නිමාවත් සමග සතුටු විය..ඒ සතුටු වූ සංවේදී හදවත් ම ජාතිවාදී හදවත් බවට රැගෙන ගියේ ද තිබු රජයම ය..මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි යන මේ ජන වර්ගන් දිහා සිංහලයන් බැලූ කාරුණික බැල්ම අකාරුණික බැල්මක් බවට පත්කන ලද්දේ යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ රජයම ය..ලංකාවේ අන්තවාදී පාපතරයන් නැතැයි මම නොකියමි.අන්තවාදීන්ට රැකවරණ දුන්නේ ද රාජපක්ෂ රජය විසින්ම ය..ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා යැයි පාරම්බෑමට බොදු බල සේනාව නම් සංවිධානය සමාජ ගත කළේ ද ඔවුන්ම ය.සිංහලයන්ගේ හිත්වල ජාතිවාදී හැඟීම් අවුස්සා අන්තවාදීන්ට දඩුවම් දෙන්න හදන්නේ නම් එය මොන තරම් විහිළුවක් ද ?මස් වැදැල්ල හංගා ගෙන සිංහයාට ගල් ගැසීම විහිළුවක් නොවේ ද?
රජය විසින් සමාජ ගත කළ බොදු බල සේනාව නොතිබුණා නම් අද මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති වී හමාර ය..බහුවාර්ගික රටක සිංහල අපගේත් අන් ජාතීන්ගේත් හිත්වල අමනාපකම් ඇති කරවා රජ වීම කළ නොහැකි දෙයකි.සිංහල ඇතැමුන්ට වඩා මේ රට ජාතියට ආදරේ කරන වෙනත් ජාති පුද්ගලයන් මම දැක ඇත්තෙමි..ඔවුන් සමග කටයුතු ද කරන්නෙමි..බොදු බල සේනාවේ කියුම් කෙරුම් අසා අපි විරසක් නොවුවෙමු..නමුදු අපෙගේ හිත්වල මොකදෝ පාපතර සිතුවිල්ලක් ගැබ්ව ඇත..සියට හැටක බවුද්ධ බල වේගයක් අප සතුයි කියා පාරම් බෑ අපේ උන්ට මහින්ද රාජපක්ෂ මහතා රජ පුටුවේ වාඩි කිරීමට හැකි වුණි ද?සුළු ජාතීන්ගේ මානව හිතවාදී අයිතීන් බිඳ හෙලා රජ වීමට,රජ කරවීමට වෙර දැරීම සිංහල බවුද්ද යැයි කියා ගන්නා අපගේ නිවට කමක් නොවන්නේ ද ?බල ලෝබි අපේම උන් ඇති කළ ජාතිවාදී කුරිරු සිතුවිල්ලට සුළු ජාතින් එක්ව ගැසූ ඇතුල් පහරක් නොම වේද මෙය?
.........ගංගොඩවිල සෝම හිමිවන් යතිවරුන් තව තවත් පහල වේවා.......

No comments:

Post a Comment