.......කිවිඳ සේකර...............
පුන් පොහෝ දා
පිරුණු හඳකින්
කිවිඳ....
මම නුඹ නො දුටුවෙමි
අමාවක දා
නොමැති හඳකින්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
ගලා බසිනා
සොඳුරු ගඟුලක
කිවිඳ..
මම නුඹ නොදුටුවෙමි
දිය සිඳී ගිය
ගඟුලේ වැලි මත
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
සුපිපි දහසක්
කුසුම් අතරේ
කිවිඳ..
මම නුඹ නුදුටුවෙමි
මිලින වී වැටි
එක ම කුසුමෙන්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
දේවඟනන් යැයි
කියන රුවකින්
කිවිඳ..
මම නුඹ නොදුටුවෙමි
කටුක දුක් විඳී
නො රන් රුවකින්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි.........
පුන් පොහෝ දා
පිරුණු හඳකින්
කිවිඳ....
මම නුඹ නො දුටුවෙමි
අමාවක දා
නොමැති හඳකින්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
ගලා බසිනා
සොඳුරු ගඟුලක
කිවිඳ..
මම නුඹ නොදුටුවෙමි
දිය සිඳී ගිය
ගඟුලේ වැලි මත
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
සුපිපි දහසක්
කුසුම් අතරේ
කිවිඳ..
මම නුඹ නුදුටුවෙමි
මිලින වී වැටි
එක ම කුසුමෙන්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි
දේවඟනන් යැයි
කියන රුවකින්
කිවිඳ..
මම නුඹ නොදුටුවෙමි
කටුක දුක් විඳී
නො රන් රුවකින්
කිවිඳ..
මම නුඹ දුටුවෙමි.........
No comments:
Post a Comment