මරතෝන්ඩි රටා

මරතෝන්ඩි රටා
Title

Tuesday, January 27, 2015

.....දුකින් මිදීම......
බුදු නෙත් අභියස
පුජාසනයේ
දෝතින් ගෙන පිදු
සුදු මල් අහුරේ
එක ම මලක් වී
සැඟ වී ඉන්නෙම්
දුකින් මිදෙන්නට
නුඹ සිතනා ලෙස

අප ගිය එක මග
මංසල් තුනකින්
සැදී තිබුණු බව
කවුරු දනීවි ද
නුඹේ සිනහ මල්
මුකුලිත වූ දා
නැගුණු විරහ දුක
සතපාලන්නට
නුඹ පිදු සුදු මල්
අහුරක් ගානේ
පැතුම් පතුයෙමි
නුඹ සිතනා ලෙස.......

No comments:

Post a Comment